spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ළමා නිවාසයක රඳවා සිටි දැරියන් දෙදෙනෙක් පළාගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක්

ගම්පොළ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි දැරියන් දෙදෙනෙකු අනවසරයෙන් ඉන් බැහැරව යමක් පිළිබඳව එහි පාලිකාව විසින් ගම්පොළ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාදුන් නියෝගයක් මත පරිවාස නිලධාරීන් විසින් අදාළ ළමා නිවාසය වෙත භාරදුන් දැරියන් දෙදෙනෙක් ඊයේ (20) දින දැනුම්දීමක් නොකර මෙලෙස බැහැරව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් මහනුවර, නිත්තවෙල් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සහෝදරියන් බවයි පොලිසිය සඳහන් කළේ.

එක් දැරියක් 15 හැවිරිදි වියේ පසුවූ අතර, අනෙක් දැරිය නව හැවිරිදි වියේ පසුවූ බවයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසන්නේ.

දැරියන් දෙදෙනා සම්බන්ධ විස්තර පහතින්..

3 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?