spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොලිවුඩ් නළු කාර්ල් වෙදර්ස් සමුගනී

ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක්වන කාර්ල් වෙදර්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහු 76 වන වියේ පසු වුණා.

මෙම ජනප්‍රිය නළුවා පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ නිවසේ දී සාමකාමීව මිය ගිය බවයි ඔහුගේ කළමනාකරු මැට් ලුබර් පැවසුවේ.

මරණයට හේතුවක් සොයා ගැනීමට තවමත් නොහැකි වී ඇති අතර, “කාල් අසාමාන්‍ය ජීවිතයක් ගත කළ සුවිශේෂී මිනිසෙක්” යැයි ඔහුගේ පවුලේ අය විදෙස් මධ්‍ය හමුවේ පවසා තිබුණා.

1987 වසරේ දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමඟින් ප්‍රෙඩේටර් චිත්‍රපටයට රංගනයෙන් දායක වූ කාර්ල් වෙදර්ස්, මෑතක දී කුඩා තිරයේ ‘ස්ටාර් වෝර්ස්’ කතා මාලාවට ද රංගනයෙන් දායක වුණා.

චිත්‍රපටය, රූපවාහිනිය, කලාව සහ ක්‍රීඩා සඳහා ඔහුගේ දායකත්වය තුළින් ඔහු නොමැකෙන සලකුණක් තබා ඇති පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?