හොලිවුඩ් නළු කාර්ල් වෙදර්ස් සමුගනී

ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක්වන කාර්ල් වෙදර්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහු 76 වන වියේ පසු වුණා.

මෙම ජනප්‍රිය නළුවා පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ නිවසේ දී සාමකාමීව මිය ගිය බවයි ඔහුගේ කළමනාකරු මැට් ලුබර් පැවසුවේ.

මරණයට හේතුවක් සොයා ගැනීමට තවමත් නොහැකි වී ඇති අතර, “කාල් අසාමාන්‍ය ජීවිතයක් ගත කළ සුවිශේෂී මිනිසෙක්” යැයි ඔහුගේ පවුලේ අය විදෙස් මධ්‍ය හමුවේ පවසා තිබුණා.

1987 වසරේ දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමඟින් ප්‍රෙඩේටර් චිත්‍රපටයට රංගනයෙන් දායක වූ කාර්ල් වෙදර්ස්, මෑතක දී කුඩා තිරයේ ‘ස්ටාර් වෝර්ස්’ කතා මාලාවට ද රංගනයෙන් දායක වුණා.

චිත්‍රපටය, රූපවාහිනිය, කලාව සහ ක්‍රීඩා සඳහා ඔහුගේ දායකත්වය තුළින් ඔහු නොමැකෙන සලකුණක් තබා ඇති පුද්ගලයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26