spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් රට රස්සාවට යන්න හැදූ තරුණයාට බාධාවක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම මගහැරීම සදහා සිංගප්පූරුවේ සංචාරයක නිරත වන බව පවසමින් විදෙස් රැකියාවකට යාමට උත්සාහ කළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

ඔහු ඊයේ (14) රාත්‍රී තමන් සිංගප්පූරුවේ සංචාරයක් සදහා පිටත්ව යන බව පවසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිස තිබුණා.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඕමානයේ මස්කට් නුවර වෙත ගොස් එතැනින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ඔස්සේ සිංගප්පූරුවට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.

එහෙත් පසුව ඔහු කටාර් ගුවන් සේවා කවුන්ටරය වෙත ගොස් සිය නිශ්කාශන කටයුතු කර ගැනීමට සූදානම් වනවිට, ඒ පිළිබඳ අවධානයෙන් සිටි ආගමන විගමන නිලධාරීන් ඔහු යළිත් තමන් වෙත කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී මෙම තරුණයා තමන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැකියාවක් සඳහා පිටත්ව යන බව ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා එරටින් නිකුත් කළ රැකියා වීසා බලපත්‍රය සහ කටාර් ගුවන් යානා ප්‍රවේශ පත්‍රය මෙම කරුණු තහවුරු කිරීම සදහා ඉදිරිපත් කරනු ලැබුවා.

එසේම තමන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම මගහැරීම සඳහා කූඨ ලෙස සකස් කළ ව්‍යාජ සිංගප්පූරු වීසා බලපත්‍රයක් සහ ඕමාන් ගුවන් සේවා ප්‍රවේශ පත්‍රයක් මුලින් ඉදිරිපත් කළ බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව මෙම තරුණයා ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?