හොරෙන් මෙරටට ගෙනා විදෙස් දුම්වැටි තොගයක් අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුවා.

අප ගුවන් තොටුපොළ මාධ්‍ය වාර්තාකරු පැවසුවේ; මෙම විදේශීය දුම්වැටි තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් තිස් දෙලක්ෂ හතලිස් දහසක් පමණ වන බවයි.

අදාළ වැටලීම අද (05) උදෑසන සිදු කර ඇත්තේ සැකකරු අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි අවස්ථාවේ දීයි.

මොහු වාරියපොළ, කටුපොත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි හෙළි ව ඇත්තේ.

ඔහු ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමා කර, ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ඇති වු සැකය මත, ඔහු නවතා සිදු කළ විමර්ශනවල දී “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 21,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 108ක් සොයා ගැනුණා.

මේ වනවිට මෙම පුද්ගලයා පොලිස් ඇප මත මුදාහැරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර , ඔහු නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ, ඔහු විසින් රැගෙන ආ දුම්වැටි තොගයත් සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21