හොරණ වැඩිහිටි නිවාසයේ ඇති වූ සිද්ධිය ගැන සජිත්ට ප්‍රශ්න රැසක්

හොරණ ප්‍රදේශයේ වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක සිදු වූ ගින්නක් හේතුවෙන් වැඩිහිටියන් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් පිළිසුම් තුවාල ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි කම්පනයට පත් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පවසා තිබෙනවා.

මේ වන විට මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් ඇති පසුබිමක ඔවුන් රැක බලාගැනීම සහ ඔවුන්ට ආරක්ෂිත වට පිටාවක් නිර්මාණය කිරීම සමාජය සහ රාජ්‍ය සතු වගකීමක් බව තමන් තරයේ විශ්වාස කරන බවයි විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන් වුණේ.

මෙම සිදුවීමට මුහුණ පෑ සත්කාරක මධ්‍යස්ථානය තුළ විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් සහ තරුණ පිරිසක් ද සිට ඇති බව දැනගන්නට ලැබුණු අතර එවැනි පිරිසක් එකම මධ්‍යස්ථානයක රැඳවීමත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබූ ක්‍රියාමාර්ග පිළිබඳවත්, හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීම සහ ඔවුන් මුදවා ගැනීමට නිසි ක්‍රම වේද ඒ තුළ ස්ථාපිතව තිබුනේද යන්න පිළිබඳවත් ප්‍රශ්ණාර්ථ රැසක් මතුව තිබෙන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

මෙවැනි සත්කාරක මධ්‍යස්ථාන සහ වැඩිහිටි මධ්‍යස්ථාන දිවයින පුරා කෙතෙකුත් පිහිටුවා ඇති අතර ඒවා නියාමනය, සුපරීක්ෂණය සහ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් සොයා බැලීම රාජ්‍යයේ වගකීමක් බවට තමා සලකන බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

සමාජ සේවා දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන ඇතුළු රජයේ වගකිවයුතු නිලධාරීන් එම ස්ථාන වල තත්ත්වය, ආරක්ෂාව සහ එහි රැඳී සිටින්නන්ගේ මානසික මට්ටම සොයා බැලීම වැදගත් වන අතර මෙවැනි වැඩිහිටි නිවාස ඇතුළු සියලු ම සත්කාර මධ්‍යස්ථානවල ප්‍රමිතීන් සමාලෝචනය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සහ උපදෙස් ලබාදීමටත් සුදුසු කඩි නම් යාන්ත්‍රණයක් සකස් කිරීම වැදගත් බව විපක්ෂ නායකවරා රජයට යෝජනා කරනවා.

වැඩිහිටි ප්‍රජාව මෙවැනි පොදු නවාතැන් තුළ ජීවත් වීමට බලපානු ලබන සාමාජීය හා ආර්ථික කරුණු ගැඹුරින් විමසා බැලීමත්, තම මව්පියන් සුරක්ෂිත කිරීමේ වගකීම සහ වගවීම දරු පරපුරට හුරු කරවීමත් යුගයේ අවශ්‍යතාවක් ලෙස සලකන බවත් නිවේදනයෙහි විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.

ඛේදවාචකයෙන් ජීවිතය අහිමි වූ මාපියන් ඇතුළු සියළු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන සියලු දෙනාට ද ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා දැනුම් දී තිබෙනවා.

මේ වනවිට මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් තස්මා තරයේ විශ්වාස කරමි.
මෙම සිදුවීමට මුහුණ පෑ සත්කාරක මධ්‍යස්ථානය තුළ විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් සහ තරුණ පිරිසක් ද සිට ඇති බව දැන ගන්නට ලැබුණු අතර එවැනි පිරිසක් එකම මධ්‍යස්ථානයක රැඳවීමත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබූ ක්‍රියාමාර්ග පිළිබඳවත්, හදිසි අවස්ථාවක දී ක්‍රියාත්මක වීම සහ ඔවුන් මුදවා ගැනීමට නිසි ක්‍රම වේද ඒ තුළ ස්ථාපිතව තිබුනේද යන්න පිළිබඳවත් ප්‍රශ්ණාර්ථ රැසක් මතුව තිබේ.
මෙවැනි සත්කාරක මධ්‍යස්ථාන සහ වැඩිහිටි මධ්‍යස්ථාන දිවයින පුරා කෙතෙකුත් පිහිටුවා ඇති අතර ඒවා නියාමනය, සුපරීක්ෂණය සහ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් සොයා බැලීම රාජ්‍යයේ වගකීමක් ලෙස මා සලකමි.
සමාජ සේවා දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන ඇතුළු රජයේ වගකිවයුතු නිලධාරීන් එම ස්ථාන වල තත්ත්වය, ආරක්ෂාව සහ එහි රැඳී සිටින්නන්ගේ මානසික මට්ටම සොයා බැලීම වැදගත් වන අතර මෙවැනි වැඩිහිටි නිවාස ඇතුළු සියලු ම සත්කාර මධ්‍යස්ථාන වල ප්‍රමිතීන් සමාලෝචනය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සහ උපදෙස් ලබාදීමටත් සුදුසු කඩි නම් යාන්ත්‍රණයක් සකස් කිරීම වැදගත් බව මා රජයට යෝජනා කරමි.
අපගේ වැඩිහිටි ප්‍රජාව මෙවැනි පොදු නවාතැන් තුළ ජීවත් වීමට බලපානු ලබන සාමාජීය හා ආර්ථික කරුණු ගැඹුරින් විමසා බැලීමත්, තම මව්පියන් සුරක්ෂිත කිරීමේ වගකීම සහ වගවීම දරු පරපුරට හුරු කරවීමත් යුගයේ අවශ්‍යතාවක් ලෙස මා සලකමි.
මෙම ඛේදවාචකයෙන් ජීවිතය අහිමි වූ මා පියන් ඇතුළු සියළු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලබා රෝහල්ගත ව ප්‍රතිකාර ලබන සියලු දෙනාට ද ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.
2
සජිත් ප්‍රේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21