AFC Banner
Empty Ad
Empty Ad

හොරකමේ ගිය පරිගණක ඉංජිනේරුවා පොලිස් දැලේ

ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකින් පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරා ඇති තරුණයකු සොරකම් සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් නාරහෙන්පිට කිතුල්වත්ත ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ගෑම් 7 මිලිගෑම් 800 ක් පොලිසියේ භාරයට ගෙන ඇත. ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි පුද්ගලයකු බව පොලීසිය පවසයි.

සැකකරු කොල්ලකෑම් 25ක් සහ සොරකම් 6 සිදුකර රුපියල් කෝටියක පමණ දේපල කොල්ලකා ඇති බවත් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී රුපියල් ලක්ෂ 30 ක පමණ වටිනාකමින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන හා රන්මාල කීපයක් පොලිසිය මඟින් සොයාගෙන ඇත .

මහ මග නවතා තිබෙන යතුරුපැදි සොරා ගෙන කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සැරිසරමින් මහමග තනිවම යන කාන්තාවන් ඉලක්ක කරගෙන ඔවුන් සතුව තිබෙන අත්බෑග් කොල්ලකෑම මෙම සැකකරු කාලයක සිට සිදු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී යන අනාවරණ වී ඇත.

සැකකරු ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කිරීමටත් ලිවීමටත් සහජ දක්ෂතාවයක් දක්වන්නෙක් බවත් පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?