Update :ජනපති හෙට ෂී – ජින් – පිං හමුවෙයි – දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකුත් (වීඩියෝ)

චීනයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) දින එරට ජනාධිපති ෂී – ජින් – පිං මහතා හමුවීමට නියමිතයි.

හෙට පස්වරුවේ චීන මහජන ශාලාවේ දී චීන ජනාධිපතිවරයා ව මෙරට ජනාධිපතිවරයාට සම්මුඛ වීමට නියමිත ව තිබෙනවා.

චීනයේ ඇරයුමක් මත සිව්දින නිල සංචාරයකටයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ව සිටින්නේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතයි.

චීනය බලා මෙරට ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළින් පිටත් ව ගිය අතර එරට වේලාවෙන් අද පෙරවරු 10.25ට පමණ බීජිං ගුවන්තොටුපොළ වෙත ළඟා වුණා.

චීන සාම්ප්‍රදායිකත්වයට මුල් තැන දෙමින් රාජ්‍ය නායකයෙකුට දෙන ඉහළම ගෞරව ආචාර සහ ආරක්ෂාව මධ්‍යයේ චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් අනුර කුමාර දිසානායක මහතා ව එරට රජයෙන් පිළිගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46