තෛපොංගල් බත උයාගන්න රතු හාල් නැති වුණේ පෙර ආණ්ඩුවේ වැරදි නිසා (වීඩියෝ)

අද (14) දිනට යෙදී ඇති තෛපොංගල් උත්සවයේ බත පිසීමට හෝ රතු සහල් හිඟ වී ඇත්තේ වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය නිසා නොව පසුගිය ආණ්ඩුවේ අමනෝඥ තීන්දු – තීරණ නිසා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

රට තුළ රතු සහල් හිඟයක් නිර්මාණය වීමත් සමග ජනතාවගේ දෝස් මුරයට වත්මන් රජය ලක් වී ඇති බවත්; වැරදි පුවත්වලට හසු නොවන ලෙසත් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වෙළෙඳ අමාත්‍යවරයා කියා සිටියා.

රතු සහල් හිඟ වීමට නිශ්චිතව ම බලපෑ හේතු ජනතාවට දැනුම්දීමේ බලාපොරොත්තුවෙන් පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

කෙසේවෙතත් ඉන්දියාව සමග සාකච්ඡා කර; රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා යම් ප්‍රමාණයකින් රතු සහල් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්දියාවේ ද සීමිත කොටසක රතු සහල් වගා කරන බවත් නැව් ගාස්තු රහිත ව ආනයනය කිරීමේ දී ද විශාල පිරිවැයක් ඒ වෙනුවෙන් දැරීමට සිදු වන බවයි.

කෙසේවෙතත් ජනතාව වෙනුවෙන් ‍රජය විසින් ඉන්දියාවෙන් රතු සහල් මෙට්‍රික් ටොන් 7500ක් හෝ ආනයනයට උත්සාහයක් දරනු ලැබූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39