මගහැරුණු ක්‍රීඩා විලාසය සොයා රෝහිත් මුම්බායි පුහුණු කඳවුරට

පසුගියදා නිමාවට පත් වූ ඔස්ට්‍රෙලියා – ඉන්දියා තරග 05කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අමිහිරි තරගාවලි පරාජයෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඉන්දීය ප්‍රීමි‍යර් ලීගය වෙනුවෙන් පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රෙලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය පුරා ම නායක ෂර්මා අසාර්ථක වූ අතර ඔහුට කිසිදු සාර්ථක ටෙස්ට් ලකුණකට යාමට ඉඩක් ලැබුණේ නැහැ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ; තරගාවලිය පුරා ම අසාර්ථක වූ රෝහිත් ෂර්මා තම අසාර්ථකත්වයට හේතු සොයමින් මෙම මුම්බායි පුහුණු කඳවුරට එක් ව ඇති බවයි.

මෙම මස අග දී පැවැත්වීමට නියමිත රංජි කුසලානයේ (2024-25) දෙවැනි අදියරේ පුහුණු සැසි සඳහායි මුම්බායි සංචිතය සමග රෝහිත් ෂර්මා එක් ව ඇත්තේ.

ෂර්මා සිය පුහුණුවීම් අද වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ඇරඹුවේ පැය දෙකක මධ්‍ය කඩුලු සැසියක් ලෙසයි.

ජම්මු සහ කාශ්මීරයට එරෙහි ව ඔවුන්ගේ හයවන වටයේ ගෘහස්ථ තරගය සඳහා මුම්බායිවරුන් සතිය පුරා පුහුණුවීම් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කෙසේවෙතත් රංජි කුසලානය සඳහා රෝහිත් පැමිණෙනවා ද නැද්ද යන වග මෙතෙක් තහවුරු කිරීමක් ද කළ නැහැ.

නමුත් ප්‍රධාන පුහුණුකරු ඕම්කාර් සල්වි සමඟ සාකච්ඡා කර කණ්ඩායම සමඟ පුහුණු වීමට ඔහු දක්වන උනන්දුවෙන් පෙනී යන්නේ ඉතිරි තරග දෙකෙන් එකක් සඳහාවත් ෂර්මා ව ලබා ගත හැකි විය හැකි බවයි.

මුම්බායි ක්‍රිකට් සංගමය (MCA) මෙම සතිය අග දී සංචිතය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21