හෙරොයින් ජාවාරම්කරුවෙකු වන සැන්ඩ්‍රා පොලිස් අත්අඩංගුවට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ easy cash ක්‍රමය යටතේ හෙරොයින් අලෙවි කිරීමේ ජාලයේ ප්‍රධාන ජාවාරම්කරු වන ‘ සැන්ඩ්‍රා ‘ අණුවර්තන නාමයෙන් හඳුන්වනු ලබන ලහිරු සම්පත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇති මෙම හෙරොයින් ජාවාරම්කරු අවුරුදු තිහක් පමණ වයසේ පසුවන දේවානම්පියතිස්සපුර පදිංචිකරුවෙකු බව අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

‘යුක්තිය ‘ මෙහෙයුම යටතේ ඊයේ සවස සිදුකළ විශේෂ පරීක්ෂාවකදී හෙරොයින් ග්‍රෑම් අටයි මිලිග්‍රෑම් පන්සීය තිහක් සමග (08g 530mg) මෙම සැකකරුව අත්අඩංගුවට පත්ව ඇත.

පසුගිය කාලයේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ හෙරොයින් ජාවාරම්කරුවකු වන රණාලේ සමයන්ගේ ගෝලයකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ක්‍රියාත්මක කරන හෙරොයින් ජලයේ ප්‍රධාන සැකකරුවකු ලෙස හඳුනාගෙන ඇති ‘ පාදුක්ක’ අනුවර්තන නාමයකින් ක්‍රියාත්මක වන ජාවාරම්කරුගේ අනුරාධපුර දිස්ත්‍රික් ජාවාරම්කරු ලෙස ‘ සැන්ඩ්‍රා ‘ කටයුතු කරන බව පොලිසිය පවසයි.

මෙම සැකකරුව අද දින අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත තවදුරටත් විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40