හෙට සිට දින 3ක් රට පුරා විශේෂ මෙහෙයුමක්

නිවාස, පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ආගමික ස්ථාන පරීක්ෂාවට ලක්කිරීමේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් හෙට (13) සිට දින තුනක් දිවයින පුරා ක්‍රියාත්මකයි.

මෙය සඳහා යුද හමුදාව, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගීත්වයෙන් පැවැත්වේ.

ගතවූ මස හය තුළ දිනපතා ඩෙංගු රෝගීන් 400 ඉක්මවා වාර්තා වුවත් මේ වනවිට දෛනිකව වාර්තා වන්නේ ඩෙංගු රෝගීන් 200 ක් පමණ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට හේතුව ඩෙංගු පාලනය කිරීම බව ද මෙම වසරේ (2023) මේ දක්වා ඩෙංගු රෝගීන් 51,768 ක් වාර්තා වන අතර ඩෙංගු මරණ 32 ක් දක්වා වැඩි වී ඇති බවත් ඒ මහතා කියා සිටියා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 48 ක් අධි අවදානම් කොට්ඨාස බවත් 25,835 ක් ලෙස වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් පැවසූ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා, මීට අමතරව මහනුවර, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23