හීං ගඟේ දිය නෑමට ගිය සාමණේර හිමිනම දිය රකුසාට බිලි

උඩුදුම්බර පොලිස් වසමේ කයිකාවල ප්‍රදේශයේ හීං ගඟේ දිය නෑමට ගිය සාමණේර හිමිනමක් දියේ ගිලී අපවත්වී තිබෙනවා.

මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 11ක මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩවිසූ හිමිනමක් බවයි පොලිසිය පවසන්නේ.

උඩුදුම්බර ප්‍රදේශයේ තිබූ දානමය පිංකමකට සහභාගි වීම සඳහා වැඩමකර තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සමඟ හීං ගඟේ දියනාමින් සිටියදී ඊයේ (13) මෙලෙස දියේ ගිලී අපවත්වී ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

උඩුදුම්බර පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05