ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවී උද්යානයේ දී ආරම්භ කර ඇති සත්යග්රහය අද (25) දසවන දිනටත් ක්රියාත්මකයි.
අද (25) උදෑසන සත්යග්රහය පැවැත්වෙන ස්ථානයේ දී පිරිසක් සිල් සමාදන් වුණේ, වප් පුර පසළොස්වක පොහෝ දිනය අදට දී තිබීම හේතුවෙන්.
පසුගිය 16 වනදා විහාරමහා දේවි උද්යානයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා විසින් මෙම සත්යග්රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම උන් වහන්සේලා ඇතුළු පිරිස එම භූමියේ රැඳී සිටිනවා.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවයි සත්යග්රහයේ නිරතවන භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස පවසන්නේ.
