උඩුදුම්බර පොලිස් වසමේ කයිකාවල ප්‍රදේශයේ හීං ගඟේ දිය නෑමට ගිය සාමණේර හිමිනමක් දියේ ගිලී අපවත්වී තිබෙනවා.
ඇති බවට උඩුදුම්බර පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භකර ඇත.
මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 11ක මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩවිසූ හිමිනමක් බවයි පොලිසිය පවසන්නේ.
උඩුදුම්බර ප්‍රදේශයේ තිබූ දානමය පිංකමකට සහභාගි වීම සඳහා වැඩමකර තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සමඟ හීං ගඟේ දියනාමින් සිටියදී ඊයේ (13) මෙලෙස දියේ ගිලී අපවත්වී ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
උඩුදුම්බර පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













