ගාල්ල – කොග්ගල ප්රදේශයේ දී බස් රථයක් දුම්රියක ගැටී අද (25) පස්වරුවේ 2.30ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් ළමුන් 10 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.
කොට්ටාව ප්රාදේශයේ සිට පෞද්ගලික උපකාරක පංතියක ළමුන් පිරිසක් රැගෙන විනෝද චාරිකාවක පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය පැවසුවේ උණවටුන සහ කරාපිටිය යන රෝහල්වලට තුවාලකරුවන් ඇතුළත් කර ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් 06 දෙනෙකු හා ළමුන් 41 දෙනෙකු පමණ බස් රථයේ සිට ඇති බවට දැනට සිදු කරන ලද විර්මශනයේදී අනාවරණය වී තිබෙනවා.
වයස අවුරුදු 40 ක් වන බස් රථ රියදුරු හා අවරුදු 21ක් වන සහායකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ
කොග්ගල මාර්ටින් වික්රමසිංහ කෞතුකාගාරය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ දීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
