කන්කසන්තුරේ ප්රදේශයට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්සගේ ප්රධානත්වයෙන් අද (25) පෙරවරුවේ සිදු කෙරුණා.
වසර 36කට පසු කන්කසන්තුරේ තැපැල් කාර්යාලය වෙනුවෙන් නව ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, එහි ඉදිකිරීම් කටයුතු 2027 වසරේ මැයි මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
රුපියල් මිලියන 32.9ක ආයෝජනයකින් මෙම නව ගොඩනැගිල්ල ඉදි කිරීමට නියමිතයි.
දැනට පවත්වාගෙන යනු ලබන තැපැල් කාර්යාලයේ ඉඩකඩ ප්රමාණවත් නොවීමත්, සේවා කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්ය පහසුකම් සැලසීමත් මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ ප්රධාන අරමුණයි.
පළමු ශ්රේණියේ තැපැල් කාර්යාලයක් වන කන්කසන්තුරේ තැපැල් කාර්යාලය මගින් පවුල් 3,500කට අධික සංඛ්යාවකට මෙන්ම රාජ්ය ආයතන 16කට, හෝටල් 06කට සහ කර්මාන්ත ආයතන 03කට තැපැල් හා ඊට අදාළ අනෙකුත් සේවාවන් සපයනු ලබනවා.
