උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින පීඩන අවපාතය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ කාලගුණ විද්යාඥ මලිත් ප්රනාන්දු සඳහන් කළේ ලබන 28 වනදා වනවිට එය ණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බව නවතම කාලගුණ දත්ත අනුව පැවසිය හැකි බවයි.
පසුගිය වසර කිහිපය තුළ ගත්විට මෙය සැලකිය යුතු මට්ටමේ සුළි කුණාටුවක් බවයි ඔහු සඳහන් කළේ.
මෙම තත්ත්වයේ වක්ර බලපෑම ලෙස මෙරට වැසි තත්ත්වයේ සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඒ, අනුව මෙම තත්ත්වය මත දැනට පවතින දත්තවලට අනුව උතුරු ප්රදේශයේ වැසි තත්ත්යේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් හෙට (26) සහ අනිද්දා (27) දිනවල මධ්යම කඳුකරය ආශ්රිත ප්රදේශවල වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි ජ්යෙෂ්ඨ කාලගුණ විද්යාඥ මලිත් ප්රනාන්දු පැවසුවේ.
