මෙම වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, අනුව ජනවාරි පළමු වනදා සිට ඔක්තෝබර් 22 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,813,484දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

මේ අතර ඔක්තෝබර් මාසයේ මුල් දින 22 තුළ දී පමණක් සංචාරකයින් 119,805 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව එම වාර්තාවල දැක්වෙනවා.

වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 482,944ක් ලෙසයි.

ඊට අමතරව එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය වැනි රටවලින් ඉහළ සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.