යතුරුපැදියකින් ගිය දෙදරු පියා ඇලකට ඇද වැටී ජීවිතක්ෂයට

කලවාන – පිටිගලකන්ද මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ගොවිපළ ප්‍රදේශයේ දී අනාරක්ෂිත ස්ථානයකින් ඇලකට වැටීමෙන් සිදුවූ අනතුරකින් මියගොස් තිබෙනවා.

ඊයේ (24) සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ කලවාන, පිටිගලකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙක්.

දෙදරු පියෙක්වන මෙම පුද්ගලයා ප්‍රදේශයේ තේ දළු එකතු කිරිමේ රැකියාවක නිරතව සිට ඇති අතර, ඔහු ඊයේ (25) රැකියාව නිමව පස්වරුවේ ආපසු නිවසට සිය යතුරුපැදියෙන් පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවූ ස්ථානය අනාරක්ෂිත බවත් මීට පෙරත් මාර්ගයේ ගමන් ගත් කිහිපදෙනෙකු ද එම ස්ථානයෙන් ඇලට ඇද වැටී අනතුරුවලට මුහුණ පා ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්