ගාල්ලට ඔබ්බෙන් නැංඟුරම් ලා ඇති ඉරාන නැව්වල අසනීප වූ නාවිකයෝ පිරිසක් ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් නාවික සැතපුම් 26ක් පමණ ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ නැංඟුරම් ලා තිබෙන ඉරාන වෙළෙඳ නෞකාවල සිටි නාවිකයින් 40 දෙනෙකු පමණ ගාල්ල වරාය ඔස්සේ ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

හදිසි සෞඛ්‍යමය තත්ත්වයන් හේතුවෙන් ඔවුන්ව මෙලෙස ගොඩබිම වෙත රැගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ.

එම නාවිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ලැබුණු හදිසි ආපදා ඇමතුම් පදනම් කරගනිමින්, කොළඹ පිහිටි ඉරාන තනාපති කාර්යාලයේ පූර්ණ සංවිධානය සහ පහසුකම් සැලසීම යටතේයි මෙම මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

ගොඩබිමට රැගෙන ආ එම නාවිකයින්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සලසා දීමෙන් අනතුරුව, ඔවුන් නැවත ඉරානය බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.