හියාරේ කාන්තාවගේ අභිරහස් මරණයේ තොරතුරු එළියට – ඝාතකයා වේයන්ගොඩ දී අල්ලයි (ඡායාරූප)

අක්මීමන, හියාරේ ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අදාළ සැකකරු ඊයේ (06) පෙරවරුවේ වේයන්ගොඩ, කුඹල්ඔලුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

47 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු විසින් පසුගිය 04 වන දින රාත්‍රියේ අදාළ කාන්තාව පදිංචිව සිටි නිවසට ඇතුළු වී ඇයව දූෂණය කිරීමෙන් අනතුරුව ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එම කාන්තාව සන්තකයේ තිබී රන් මාලයක්, කරාඹු යුගලයක් සහ ජංගම දුරකථන දෙකක් ද සොරාගෙන සැකකරු පළාගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (07) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අක්මීමන පොලිසිය පැවසුවේ.

වයස අවුරුදු 65ක පමණ කන්තාවකගේ මළ සිරුරක් ඇය පදිංචිව සිටි අක්මීමන, හියාරේ ප්‍රදේශයේ නිවසේ තිබිය දී පෙරේදා (05) රාත්‍රියේ පොලිසිය විසින් සොයා ගත්තා.

ඒ, එම කාන්තාවගේ දියණිය විසින් පොලිසියට ලබන්දුන් තොරතුරකට අනුවයි.

පසුව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඇය පැළඳ සිටි මාලය, කරාඹු යුගළය කිසිවෙකු විසින් ගලවාගෙන ගොස් තිබූ බවයි.

එමෙන්ම ඇයගේ මුහුණේ ද තුවාල සිදුව ඇති බවට නිරීක්ෂණය වූ බව පොලිසිය සඳහන් කළා.

WhatsApp Image 2023 08 06 at 1.17.10 PM
WhatsApp Image 2023 08 06 at 1.17.05 PM
WhatsApp Image 2023 08 06 at 1.16.59 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
3
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජනපති ඒ මිනිහා මහ ලොක්කෙක්ද ?වලව්කාරයෙක්ද ? - කියන්න තියෙන දේ කෙළින්ම කිව්ව හාමුදුරුවෝ
03:53
Video thumbnail
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් දිවි අහිමිවූ 07කගේ සිරුරු හඳුනාගනී -සිරුරු පශ්චාත් ම#රණ පරීක්ෂණයට
01:42
Video thumbnail
බියවූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල්දානවා - අපේ දෙබිඩි දේශපාලන රටාවක් නෑ
06:44
Video thumbnail
සජිත් ඔබතුමා වැඩකාරයෙක් - ජනපති වෙන්න ඕනි.. සජිත් හොල්මන් වුණු හිටපු මන්ත්‍රීවරුන්ගේ ගුණ වර්ණනාව
01:20
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව සද්දෙත් දාගෙන බයික් එකෙන් දැම්ම සෙල්ලම.."අද නම් පුතේ ඉවරයි"
00:42
Video thumbnail
අගමැති හරිනි එළියට ඇවිත් කිව්ව දේ - කතා කරන්න ඕනි නෑනේ..වැඩේ වෙනවා
02:06
Video thumbnail
සලේ හඬා වැටෙමින් තම පුතුට කී කතාව ගම්මන්පිළගෙන් එළියට දායි - මම කරපු වරද මොකක්ද ?
04:06
Video thumbnail
සුරේෂ් සලේට කන්න දෙන විදිය හෙළිකරන ගම්මන්පිල - බිමට පත්තර කොළ දාලා දෙන්නේ
03:31
Video thumbnail
වැඩිහිටි නිවාසය ගැන මාස 04කට කලින් ලියූ ප්‍රාදේශීය ලේකම්ගේ ලිපියක් එළියට..ම#ණ කිහිපයක් වෙලා
04:58
Video thumbnail
ආහාර හිඟයක් එනවා ඉස්සරහට..ලංකාවට වෙන්න යන විනාශය අමරවීර කියයි
01:31