හිටපු LTTE සාමාජිකයෙක් වසර ගණනකට පසු වනාන්තරයකින් මතු වෙයි (ඡායාරූප)

මඩකලපුව තණ්ඩමාලෙයි ප්‍රදේශයේ වනාන්තරයක ගල් ගුහාවක ජීවත් වෙමින් සිටිය දී හමු වූ පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බව ප්‍රජාතත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්‍රකාශක එස්. නගුලේස්වරන් පවසනවා.

වසර හතරකට වඩා වැඩි කාලයක් මොහු එම ගල් ගුහාවේ ජීවත් වී ඇති අතර එහි දී වැඩි වශයෙන් වනාන්තරයේ ඇති පළතුරු අනුභව කරමින් ජීවිතය ගෙවා ඇති බව‍තයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි කාලයේ දී ඩෙවිඩ් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇතැයි හෙළි කරගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා එල් ටී ටී ඊ සංවිධානය ක්‍රියාත්මක වෙමින් පැවති සමයේ මඩකලපුව ප්‍රදේශයේ බුද්ධි අංශයේ සේවකය කළ අයෙක් බව සඳහන්.

මේවන විට ඔහු මානසික ආබාධ තත්ත්වයකින් පසුවන බව ද හෙළිවී තිබෙනවා.

වනාන්තරයට ගිය පුද්ගලයෙකු විසින් මෙම හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයා දැක ගම්වාසීන්ට කළ දැනුම්දීමකින් අනතුරුවයි ඔහු මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇත්තේ.

LTTE3
LTTE4
LTTE1
LTTE2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
අවුල් වගේ !
28
හරි හිනා !
81
හම්මෝ !
30
මාර දුකයි !
52
මලපනිනව !
33
කුජීතයි !
14
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?