spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු නාවික හමුදාපතිට එරෙහි නඩුව ගැන නීතිපති කළ දැනුම් දීම

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා විසින් අද අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

2008 සහ 2009යන වසර වලදි කොළඹ හා ඒ අවට ප්‍රදේශ වල පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට හිටපු නාවික හමුදාපතිවරයා
ඇතුළු 14 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබුවා.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව ගොනු කර ඇති නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.

ඒ ඔහු විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?