හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 30 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබෙනවා.

BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම්දුන්නා.

එහිදී එම ප්‍රකාශය ලබාදීමේ දී තමාව අත්අඩංගුවට නොගන්නැයි’ කියා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරු මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා සඳහන් කළේ ප්‍රකාශය ලබාදීමට ප්‍රථමයෙන් බියවීමට හේතුවක් නොමැති බවත් මුලින්ම එම ප්‍රකාශය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර අද අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ද වරෙන්තුවක් නිකුත් කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී නොසිටියා.

ඊට හේතුව ලෙස හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට ගිය බැවින් මෙම අධිකරණයට පැමිණිමට නොහැකි වු බවයි.

එහිදි මහාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ විත්තිකරු එසේ ප්‍රකාශයක් ලබාදීමට ගියේ අභියාචනාධිකරණ නියෝගයක් මත ද යන්නයි.

ඊට පිළිතුරු දුන් නීතිඥවරයා කියා සිටියේ එවැනි නියෝගයක් අභියාචනාධිකරණ නිකුත් කර නොමැති බවයි.

එහිදි මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ විත්තිකරු කුමන කටයුත්තයට ගියත් එය තම අධිකරණයට අදාළ නොවන බවත් තම අධිකරණයට නිකුත් කර ඇති නියෝගය අනුව කටයුතු නොකිරීම අධිකරණ නියෝග පැහැර හැරිමක් බවයි.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41