හිඟ බදු නොගෙව්වොත් මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලයිසන් අහෝසි

බදු ගෙවීම පැහැර හැර සිටි මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් නවයක් අදාළ හිඟ බදු මුදල් ගෙවීම මේ වනවිට ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අදාළ සමාගම් විසින් රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදලක් ගෙවීමට තිබූ අතර, සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සතියේ දැනුම් දුන්නේ දින 14ක කාලයක් තුළ හිඟ බදු මුදල් ගෙවා අවසන් කරන ලෙසයි.

පාර්ශ්ව රැසකගෙන් එල්ල වූ බලපෑම් හමුවේ අදාළ සමාගම්වලින් හිඟ බදු මුදල් අයකර ගැනීමට දින 14ක අවසාන නිවේදනයක් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලැබුවා.

ඇතැම් සමාගම් පසුගිය වසර කිහිපය තුළ බදු ගෙවීම පැහැර හැර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස හිඟ බදු මුදල් ගෙවීම සඳහා එම සමාගම්වලට කඩිනමින් විධිමත් සැලස්මක් හඳුන්වාදීමට ද කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම හිඟ බදු මුදල් ගෙවීම අපොහොසත් වන සමාගම්වල බලපත්‍රය අහෝසි කිරීමට සිදුවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
16
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30