හැටන් ෆොඩයිස් වත්ත හරහා ඩයගම මාර්ගයේ කිලෝමිටර් හතක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු (29) දින ආරම්භ කෙරිණ.
කදු බැවුම් සහිත එම මාර්ගයේ ස්ථාන කිහිපයක්ම විශාල ලෙස වලවල් හැරි කඩතොලු වි තිබිම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ ඇතුලු වාහන නිතර නිතර කාර්මික දොෂයන්ට ලක් වන නිසා එම මාර්ගයේ ගමන් ගන්නා පාසල් ලමුන් ඇතුලු මගින් දැඩි දුෂ්කරතාවයකට පත්වි සිටියි.
එම මාර්ගයේ ෆොඩයිස් වත්තේ සිට ආගරපතන පසුමලේ මන්සංධිය දක්වා කිලෝමිටර් හතක් දුරට කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මෙසේ (29) දින ආරම්භ කෙරිණ.
එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිම සදහා මාර්ග සංවරධන අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන එක්සිය පනස් අටක ප්‍රතිපාදන වෙන් කර ඇත.
මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාරයාලයේ සේවකයින් විසින් සිදු කරනු ලබයි.
මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා ඇතුලු එම පක්ෂයේ සමාජිකයින් විශාල පිරිසක් සහභාගි විය.



