හැටන් – බලංගොඩ මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, බලංගොඩ – දෙතනගල රක්ෂිත ජල පෝෂක ප්‍රදේශයට අද අලුයම තෙක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බවයි.

පස් සමග අසල තිබූ ගල් ද මාර්ගයට පෙරළී තිබෙනවා.

මේ හේතුවෙන් රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවත් සඳහන්.

එම මාර්ගයේ මාරතැන්නවත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවට ද වාර්තා වනවා.

දෙතනගල රක්ෂිතය හරහා පිහිටි හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ වර්ෂාව පවතින කාලය තුළ ප්‍රධාන මාර්ගයට පස් කඳු සහ ගස් කඩා වැටීමේ අවදානමක් පවතින නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේ දී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර හැටන් බටහිර ග්‍රාම නිලධාරි වසමේ හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටී තිබෙනවා.

මෙමගින් ජීවිත හානි සිදු ව නොමැති අතර, සුළු වශයෙන් දේපොළ හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිවරණයත් අපිට පාරට බැහැලා බලෙන් තමයි ගන්න වෙන්නේ - ටිල්වින්ලා දේශපාලනය දන්නවා
02:41
Video thumbnail
විපක්ෂය තියෙන්නේ බුදියගන්න නෙවෙයිනේ..මෙයාලව බලයෙන් ඉවත් කරන්න ඕනි
03:02
Video thumbnail
රටට වෙන්න යන භයානක උවඳුර ගැන රාජිත අනතුරු අගවයි - අමුතුවෙන් විශ්ව කර්ම වැඩ කරන්න බෑ
06:39
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27