කාවන්තිස්ස ඇතාගේ ඛේදජනක මරණය පිළිබඳ සත්ය හෙළිදරව් කර ගැනීමටත්, එම සිදුවීමට අදාළ සියලු පාර්ශ්ව සිය වගකීම් නිසි පරිදි ඉටු කර ඇත්ද යන්න තහවුරු කර ගැනීමට, එම ඇතා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමත් වෙනුවෙන් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලීමට තීරණය කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්රේමදාසගේ මූලිකත්වයෙන් සහ විපක්ෂයේ මන්ත්රීවරුන් විසින් මෙම පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා කතානායකවරයා වෙත යෝජනාවක් භාරදීමට අද (21) දිනයේදී අත්සන් තැබීම සිදු කරනු ලැබුවා.
