නුවරඑළිය ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග අඹේවෙළ ජලාශයේ වාන් දොරටු ඊයේ (20) දින පස්වරුවේ විවෘත කිරීමට කටයුතු කර තිබුණා.
මේ හේතුවෙන් අග්රාඔයේ ජලය පිටාර ගැලීමත් සමග ඔය දෙපස පිහිටි නිවෙස් කිහිපයක් ජලයෙන් යටවූ බවද වාර්තා වුණා.
මේ අතර අඹේවෙළ ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග අඹේවෙළ දුම්රිය ස්ථානයේ ආසන්නයේ දුම්රිය මාර්ගය ජලයෙන් යට වී පැවති බව අප වාර්තාකරු සඳහන් කළා.
එමෙන්ම නුවරඑළිය – හෝටන්තැන්න මාර්ගය ද වැසි ජලයෙන් යට වීම නිසා එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.
