හරක් කටාගේ මිතුරා – පැලෑන පොඩි නුවන් අහංගමදී අත්අඩංගුවට(ඡායාරූප)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කරුවකු වන මිදිගම නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සමීපතමයකු ලෙස සැලකෙන පැලෑන පොඩි නුවන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරු ඊයේ (28 ) රාත්‍රි අත්අඩංගුවට ගත් බව කොක්මාදුව පොලිසිය පවසනවා.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන් විසින්.

එම නිලධාරීන් අහංගම පොලිස් වසමේ කහඳ ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානය අසලදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක් සහ මුදලින් රුපියල් 35000 ක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගත් බව කොක්මාදුව පොලිසිය පැවසුවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අහංගම පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.

WhatsApp Image 2023 03 29 at 07.24.54
WhatsApp Image 2023 03 29 at 07.24.56
ac 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?