හම්බන්තොටට ගොන්ප්‍රී ෆොමියුලා ධාවන පථයක්

කිලෝමීටර් 5.6ක දිගකින් යුතු ගොන්ප්‍රී ෆෝමියුලා වන් මෝටර් රථ තරග ධාවන පථයක් හම්බන්තොට ප‍්‍රදේශයේ ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වී ඇත.

සන්ඩේ ටයිම් පුවත්පත වාර්තා කරන ආකාරයට ඒ සදහා ජපාන සහ ස්පාඤ්ඤ ආයෝජකයින් කණ්ඩායමක් අතර සාකච්චා ඇරඹී ඇත.

අදාල ධාවන පථය හම්බන්තොට රජයේ ඉඩමක ඉදිකිරීමට යෝජිත බවද වාර්තාවේ දැක්වෙයි.

හම්බන්තොට වරායෙන් රේසින් කාර් ගොඩබෑම සදහා සූදාම් කරවන බවත් තරග සඳහා සහභාගි වන ක‍්‍රීඩකයන් මත්තල ගුවන් තොටුපළ හරහා ගෙන්වා ගැනීමටත් සැලැස්මේ ඇතැයි සදහන්ය.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙය ක‍්‍රියාත්මක වන්නේ දේශීය සම්පත් හා දේශීය දැනුම උපයෝගී කරගෙන යයිද එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
86
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !