හපුතලේදී සිදු වූ රිය අනතුරකින් 8 ක් රෝහලේ

අද (23) සවස නාවික හමුදා බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මෙලෙස රිය අනතුර සිදුව ඇත්තේ හපුතලේ හොරදරව්ව හන්දිය ආසන්නයේදී ය. කොස්ලන්ද ප්‍රදේශයේ මංගල උත්සවයකට ගොස් ආපසු එමින් සිටි වෑන් රථයක සිටි පිරිසක් මෙසේ නාවික හමුදා බස් රථයක ගැටී බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.

තුවාල කරුවන් දෙදෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට කඩිනමින් මාරුකර යවා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි.

වෑන් රථයේ ගමන් ගෙන ඇත්තේ වැලිමඩ නුවරඑළිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

දියතලාව දක්වා පැමිණෙමින් තිබූ නාවික හමුදාවට අයත් බස් රථයක ගැටී සිදු වූ මෙම අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදුවී ඇති බවද පොලිසිය කියයි. හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25