හද­වතේ ගාය­කයාගේ සුව­දුක් බලන්න ඇමති විදුර යයි

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාගේ සුවදුක් බැලීමට කැස්බෑව, නිවුන්ගම, මොරැන්ද පාරේ පිහිටි ඔහුගේ නිවසට පෙරේදා (21) පැමිණියා.

ශ්වසන ආබාධයක් හේතුවෙන් පසුගිය දිනවල කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහු මේ වන විට සුවය ලබා සිය නිවසට පැමිණ තිබෙනවා.

ජනතාව අතර මහත් වූ ආදරයක්, ආකර්ෂණයක් දිනා සිටින “හද­වතේ ගාය­කයා” නම් වූ ඔහු ආදරය, විරහව, මාපිය සෙනෙහස, සමාජයීය කරුණු ආදී නොයෙකුත් දේ පිළිබඳව ගීත ගණනාවක්ම රසික හදවත්වලට සමීප කළ දක්ෂ ගායන ශිල්පියෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !