හදවතට දැනුන වීඩියෝවක්

පොලිස් නිලධාරින් සිදු කරන රාජකාරිය එහි ප්‍රමාණය, කොතෙක් වුවද ඔවුන් අතින් සිදුවන කුඩා වැරැද්දක් වුවද උලුප්පා දක්වමින් ඒවා දරුණු ලෙස විවේචනය කිරීම අප සමාජයේ පුරුද්දක්. නිල ඇඳුමලා ගත් බොහෝ අනෙක් නිලධාරින්ට වඩා පොලිස් නිලධාරින් ඉලක්ක කර මෙම විවේචන එල්ල වන්නෙ, රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමට ඔවුන් නිරන්තරයෙන් සිවිල් ජනයා සමඟ ගැටෙන නිසාවෙන්.මේ නිසාම, අපේ රටේ සිවිල් ජන සමාජය තුළ පොලිස් නිලධාරින් ඔවුන්ගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ඇත්තේ දැඩි සෘණාත්මක ආකල්පයක්. 

බොහෝ විට නිල ඇඳුම් ලාගත්තද ඔවුනුත් අප සමාජයේම කොටසක් බව, අප විසින්ම අමතක කර දමන්නේ ඒ සඳහා අවශ්‍ය කරන අඩුම කුඩුම අදාළ නිල ඇඳුම්ලාගත්තන් විසිනුත් සපයන නිසාවෙන්. 

නමුත්, මේ නිල ඇඳුම තුළ සැඟවී ඇති මනුස්සකම ඉස්මතු වන සෑම අවස්ථාවකම එය නොවළහා පැසසුමට ලක් කිරීමටත් අප සමාජය පසුබට වන්නෙ නැහැ. මේ, වීඩියෝව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වන්නෙ එම දර්ශන මාලාවේ සිටින නිල ඇඳුම්ලාගත් පොලිස් නිලධාරින්ට තුති මල් පුද කරමින්. 

පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ පොළොන්නරුව නගර ආසන්නයේ, හදිසි අවස්ථාවක් සටහන් කෙරෙන ද්විත්ව සංඥා පහන් දල්වාගෙන වේගයෙන් ගමන් කරන ත්‍රිරෝද රථයකට සහය දක්වන මේ පොලිස් නිලධාරින් දෙදෙනා එතැනදී ඉදිරියෙන් තබන්නෙ ඔවුන්ගේ හදවත් තුළ ඇති මනුෂ්‍යත්වයයි. 

අධික වේගයෙන් තමන් පසු කර යන ත්‍රිරෝද රථයේ ඇති හදිසිය සොයා බලනා මේ නිලධාරින් දෙදෙනා වහා එය වටහාගෙන ඔවුන් විසින් සිදු කළ යුතු රාජකාරිය කිරීමට පෙළඹෙනවා. අදාළ ත්‍රීරෝද රථයට මඟ පෙන්වමින් ඔවුන් පෙර මඟ ගන්නෙ ප්‍රභූ රථයකට පෙර ගමන් කරනවාට වඩා අභිමානයෙන් විය හැකියි.

අදාල විඩියෝව මෙතනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51