හංවැල්ල ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකාර “කරවිට සීයා” වෙඩි කා නසී

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ “කරවිට සීයා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම තැනැත්තා පසුගිය දෙසැම්බර් මස 18 වන දින හංවැල්ල, හරස් පාරේ ආපනශාලාවක හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු බව්කයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට අද (06) අලුයම මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එහිදී සැකකරු විසින් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර, ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සිදුකළ වෙඩි තැබීමේ දී සැකකරු බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව බරපතළ තුවාළ ලැබූ සැකකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් වෙඩි පහරින් මෙලෙස මියගොස් ඇත්තේ දෙල්වල පොලිස් වසමේ පිටකන්ද, උඩුකරවිට ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10