සෞඛ්‍ය ඇමති ඖෂධ මිල අඩු කිරිම හැකි බව කියයි

ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ (29)එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා

ඒ අනුව ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව 15% ක පමණ ප්‍රමාණයකින් අවම වශයෙන් ඖෂධ මිල අඩුවිය යුතු බැව් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනයන්හි ඉහළ නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ. ඩොලරයේ අගය රුපියල් 190.00 සිට රුපියල් 370.00 දක්වා විචල්‍ය වූ පරාසය තුළ ඖෂධ මිල එයට සාපේක්ෂව බොහෝ සෙයින් ඉහළ ගියද මේ වනවිට ඩොලරයේ අගය විශාල ලෙස පහළ බසිමින් තිබෙන තත්ත්වයක් තුළ ඖෂධ මිල එයට සාපේක්ෂව අඩු විය යුතු යැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !