සුව සැරියයේ ගැටුණු හිටපු ග්‍රාම නිළධාරිවරයා සහ කුඩා දැරියක් බරපතළ තුවාල ලබා රෝහලේ (ඡායාරූප)

1990 සුව සැරිය ගිලන් රථයක ගැටී දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව නවගත්තේගම පොලීසිය සඳහන් කරනවා.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ හිටපු ග්‍රාම නිළධාරිවයෙකු සහ පස් හැවිරිදි ගැහැණු දරුවෙක් බවයි වාර්තා වන්නේ.

නවගත්තේගම – කිරිමැටියාව ප්‍රදේශයේ දී පැවති අවමඟුල් උත්සවයකට සහභාගීවීම සඳහා යතුරුපැදියකින් ගමන් ගත් 74 හැවිරිදි හිටපු ග්‍රාම නිළධාරිවරයා සහ ඔහුගේ පස් හැවිරිදි ඥාති දියණියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ආනමඩුවට අයත් සුවසැරිය ගිලන් රථය රෝගියෙකු ගල්ගමුව රෝහල වෙත රැගෙන යමින් සිටිය දී යතුරුපැදිය එහි ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි හිටපු ග්‍රාම නිළධාරිවරයා සහ දැරිය ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා යතුරුපැදිය පැදවූ හිටපු ග්‍රාම නිළධාරිවරයා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

ගිලන් රථයේ රියදුරු ද අනතුරෙන් සුළු තුවාල ලබා ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනතුර සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
15
මලපනිනව !
2
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?