සුව සැරියයේ ගැටුණු හිටපු ග්‍රාම නිළධාරිවරයා සහ කුඩා දැරියක් බරපතළ තුවාල ලබා රෝහලේ (ඡායාරූප)

1990 සුව සැරිය ගිලන් රථයක ගැටී දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව නවගත්තේගම පොලීසිය සඳහන් කරනවා.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ හිටපු ග්‍රාම නිළධාරිවයෙකු සහ පස් හැවිරිදි ගැහැණු දරුවෙක් බවයි වාර්තා වන්නේ.

නවගත්තේගම – කිරිමැටියාව ප්‍රදේශයේ දී පැවති අවමඟුල් උත්සවයකට සහභාගීවීම සඳහා යතුරුපැදියකින් ගමන් ගත් 74 හැවිරිදි හිටපු ග්‍රාම නිළධාරිවරයා සහ ඔහුගේ පස් හැවිරිදි ඥාති දියණියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ආනමඩුවට අයත් සුවසැරිය ගිලන් රථය රෝගියෙකු ගල්ගමුව රෝහල වෙත රැගෙන යමින් සිටිය දී යතුරුපැදිය එහි ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි හිටපු ග්‍රාම නිළධාරිවරයා සහ දැරිය ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා යතුරුපැදිය පැදවූ හිටපු ග්‍රාම නිළධාරිවරයා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

ගිලන් රථයේ රියදුරු ද අනතුරෙන් සුළු තුවාල ලබා ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනතුර සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09