spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුරූපී තරුණිය ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15) සොයාගෙන තිබෙනවා.

ඒ රඹුක්කන ,හිරිවඩුන්න ,පිටවල ප්‍රදේශයේ පිහිටි ඇය ජීවත් වූ නිවසේ ඇඳක් මත තිබියදීයි.

65 හැවිරිදි වියෙහි පසුවූ මෙම විදෙස් ජාතික කාන්තාව, අදාළ නිවසේ පදිංචිව සිටිමින්, මාර්ගවල සිටින සුනඛයින්ට ආහාර ලබාදීම සිය දෛනික පුරුද්දක් බවට පත් කරගෙන සිටි බවයි වාර්තා වන්නේ.

අද උදෑසන සොයාගත් මෙම මළසිරුරේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කර ඇති අතර,එහිදී ඔහු නියෝග කර ඇත්තේ, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කෑගල්ල මහරෝහල වෙත යොමු කරන ලෙසයි.

මෙම විදෙස් ජාතික කාන්තාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණය රඹුක්කන පොලීසිය විසින් සිදු කරන අතර,දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?