සුපිරි ඉන්දීය නළුවෙක් අභාවප්‍රාප්ත වෙයි

සුප්‍රකට ඉන්දීය නළු මනෝබාලා අභාවප්‍රාප්ත වීතිබෙනවා .

අක්මාව ආශ්‍රිත රෝගී තත්වයකින් ඔහු අද මෙලෙස මියගොස් ඇති බවයි සිනමා එක්ස්ප්‍රස් වාර්තා කරන්නේ.

69 හැවිරිදි ඔහු දින 15 ක් තිස්සේ රෝගාතුරව සිටි අතර ප්‍රතිකාර සඳහා චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබුණා.

කෙසේ වෙතත්, රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ජනප්‍රිය රංගන ශිල්පියා මියගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රබල හාස්‍ය චරිත සඳහා ප්‍රසිද්ධියට පත් මනෝබාලා දෙමළ සිනමාවේ දැවැන්තම රංගන ශිල්පීන් සමග රංගනයෙන් දායක වී තිබෙනවා.

නළුවෙක්, නිෂ්පාදකවරයෙක් මෙන්ම සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1979 පුතිය වර්පුගල් (Puthiya Vaarpugal) චිත්‍රපටයෙන්.

එහිදී කමල් හසන් සමග රංගනයට එක් වූ ඔහු පුතිය වර්පුගල් හි අධ්‍යක්ෂ භාරතීරාජා සමඟ සහාය අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළා. එපමණක් නොව, චිත්‍රපටයේ කුඩා චරිතයක් ද නිරුපණයට එක් වුණා.

චිත්‍රපට 200කට අධික ප්‍රමාණයක රඟපා ඇති මනෝබාලාට අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව 24ක්.

ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වූයේ 1982 දී Aagaya Gangai.

එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ කාර්තික් සහ සුහාසිනි විසින්.

ඔහුගේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂණයන් අතරට, රජිනිකාන්ත් සමඟින් Oorkavalan (1987), මොහාන් රඟන පිල්ලයි නිල් (1985) සහ විජයකාන්ත් රඟන En Purushanthan Enakku Mattumthaan (1989) ඇතුළත්.

විජයකාන්ත්, සත්‍යරාජ්, මෝහන්, රජිනිකාන්ත්, අජිත් සහ විජේ සමඟ රංගනයේ නිරත වී ඇති මනෝ බාලාගේ වඩාත් කැපී පෙනෙන රංගන අංග අතරට ගජිනි, අභියුම් නානම්, තුපක්කි යනාදිය ද ඇතුළත් වනවා.

අවසන් වරට Ghosty සහ Kondral Paavam චිත්‍රපටවල පෙනී සිටි මනෝබාලාට පුත්‍රයෙක් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06