සුපිරි ඉන්දීය නළුවෙක් අභාවප්‍රාප්ත වෙයි

සුප්‍රකට ඉන්දීය නළු මනෝබාලා අභාවප්‍රාප්ත වීතිබෙනවා .

අක්මාව ආශ්‍රිත රෝගී තත්වයකින් ඔහු අද මෙලෙස මියගොස් ඇති බවයි සිනමා එක්ස්ප්‍රස් වාර්තා කරන්නේ.

69 හැවිරිදි ඔහු දින 15 ක් තිස්සේ රෝගාතුරව සිටි අතර ප්‍රතිකාර සඳහා චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබුණා.

කෙසේ වෙතත්, රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ජනප්‍රිය රංගන ශිල්පියා මියගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රබල හාස්‍ය චරිත සඳහා ප්‍රසිද්ධියට පත් මනෝබාලා දෙමළ සිනමාවේ දැවැන්තම රංගන ශිල්පීන් සමග රංගනයෙන් දායක වී තිබෙනවා.

නළුවෙක්, නිෂ්පාදකවරයෙක් මෙන්ම සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1979 පුතිය වර්පුගල් (Puthiya Vaarpugal) චිත්‍රපටයෙන්.

එහිදී කමල් හසන් සමග රංගනයට එක් වූ ඔහු පුතිය වර්පුගල් හි අධ්‍යක්ෂ භාරතීරාජා සමඟ සහාය අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළා. එපමණක් නොව, චිත්‍රපටයේ කුඩා චරිතයක් ද නිරුපණයට එක් වුණා.

චිත්‍රපට 200කට අධික ප්‍රමාණයක රඟපා ඇති මනෝබාලාට අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව 24ක්.

ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වූයේ 1982 දී Aagaya Gangai.

එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ කාර්තික් සහ සුහාසිනි විසින්.

ඔහුගේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂණයන් අතරට, රජිනිකාන්ත් සමඟින් Oorkavalan (1987), මොහාන් රඟන පිල්ලයි නිල් (1985) සහ විජයකාන්ත් රඟන En Purushanthan Enakku Mattumthaan (1989) ඇතුළත්.

විජයකාන්ත්, සත්‍යරාජ්, මෝහන්, රජිනිකාන්ත්, අජිත් සහ විජේ සමඟ රංගනයේ නිරත වී ඇති මනෝ බාලාගේ වඩාත් කැපී පෙනෙන රංගන අංග අතරට ගජිනි, අභියුම් නානම්, තුපක්කි යනාදිය ද ඇතුළත් වනවා.

අවසන් වරට Ghosty සහ Kondral Paavam චිත්‍රපටවල පෙනී සිටි මනෝබාලාට පුත්‍රයෙක් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25