Empty Ad
AFC Banner
Empty Ad

සුප්‍රකට එමී සම්මාන උළෙල කල් යයි

සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රකට එමී සම්මාන උළෙල හොලිවුඩ් නළු නිළියන්ගේ වර්ජනය හේතුවෙන් කල් දමා තිබෙනවා.

ඇමරිකාවේ ලේඛක සංසදයේ සහ රංගන ශිල්පීන්ගේ සංසදයේ සාමාජිකයින් වසර 60ක ඉතිහාසයේ පැවති විශාලතම පාගමනක නිරත වෙමින් වැඩ වර්ජනයක නිරත වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් 2023 සම්මාන උළෙල සඳහා නව දිනයක් මෙතෙක් තහවුරු කර නැහැ.

ද ලාස්ට් ඔෆ් අස්, ද වයිට් ලෝටස් සහ ටෙඩ් ලස්සෝ මෙම වසරේ සම්මාන සඳහා යෝජනා වී ඇති අතර, එමී යනු රූපවාහිනි ක්ෂේත්‍රයේ වඩාත්ම කීර්තිමත් එක්සත් ජනපද සම්මාන උළෙල ලෙසටයි සැලකෙන්නේ.

එමී සම්මාන උළෙල සැප්තැම්බර් 18 වැනිදා ෆොක්ස් නාලිකාව ඔස්සේ විකාශය කිරීමයි නියමිතව තිබුණේ.

වර්ජනය අවසන් වනතුරු සම්මාන උළෙලවල වැඩ කිරීමට ලේඛකයන්ට ද අවසර හිමිවී නැහැ.

දළ වශයෙන් නළු නිළියන් 65,000ක් සහ තිර රචකයින් 11,500ක් වැඩ වර්ජනයක යෙදී සිටින අතර, වඩා හොඳ වැටුප්, අවශේෂ ගෙවීම් සහිත ව්‍යුහය සහ කෘතිම බුද්ධිය භාවිතයෙන් ආරක්ෂාව ඉල්ලා සිටීමයි ඔවුන්ගේ වර්ජනයේ අරමුණ වී ඇත්තේ.

වසර 20කට වැඩි කාලයකට පසු එමී සම්මාන උළෙල කල් දැමූ පළමු අවස්ථාව මෙයයි.

මීට පෙර අවසන් වරට එම සම්මාන උළෙල කල් දමනු ලැබුවේ 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා පෙන්ටගනයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන්.

සම්මාන සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමට සැලසුම් කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් මෙතක් සිදු කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවසකට විනාඩි 2ක් හරි බාවනා කරලා ලෝකයටම ආදරය පතුරවන්න
06:27
Video thumbnail
සිතට ඕන ඕන විදියට නටන්න දෙන්න එපා - සිරකරුවන් Motivation කළ දේශනාව
05:07
Video thumbnail
ගාල්ල වෙ# තැබීමේ සජීවී දර්ශන - නිවස ඉදිරිපිට වෙ# තැබීම සිදුවූ හැටි මෙන්න
05:18
Video thumbnail
ජනප්‍රිය වෙන්නේ මිනිස්සු ප්‍රිය කරන චරිතයක් වුණාම
02:05
Video thumbnail
මඟීන් සමඟ ප්‍රාණ ඇපයට ගත් පාකිස්ථානයේ දුම්රිය බේරාගත් සම්පුර්ණ මෙහෙයුම
03:51
Video thumbnail
ඇයි ඔබට බැරි නිවැරදි මනුස්සයෙක් වෙන්න ?
03:27
Video thumbnail
දේශබන්දු මගේ ගෙදර නෑ - මම ඒ වගේ බාල වැඩ කරන්නේ නෑ
04:43
Video thumbnail
BREAKING NEWS 🔴
01:20
Video thumbnail
BREAKING NEWS 🔴එකම ප්‍රදේශයේ තැන් දෙකක මළ සිරුරු දෙකක් - සීතල බදුල්ල උණුසුම් වෙයි
01:18
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - ධර්ම දේශනය සාකච්ඡාව
01:21:00

?