සුප්‍රකට එමී සම්මාන උළෙල කල් යයි

සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රකට එමී සම්මාන උළෙල හොලිවුඩ් නළු නිළියන්ගේ වර්ජනය හේතුවෙන් කල් දමා තිබෙනවා.

ඇමරිකාවේ ලේඛක සංසදයේ සහ රංගන ශිල්පීන්ගේ සංසදයේ සාමාජිකයින් වසර 60ක ඉතිහාසයේ පැවති විශාලතම පාගමනක නිරත වෙමින් වැඩ වර්ජනයක නිරත වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් 2023 සම්මාන උළෙල සඳහා නව දිනයක් මෙතෙක් තහවුරු කර නැහැ.

ද ලාස්ට් ඔෆ් අස්, ද වයිට් ලෝටස් සහ ටෙඩ් ලස්සෝ මෙම වසරේ සම්මාන සඳහා යෝජනා වී ඇති අතර, එමී යනු රූපවාහිනි ක්ෂේත්‍රයේ වඩාත්ම කීර්තිමත් එක්සත් ජනපද සම්මාන උළෙල ලෙසටයි සැලකෙන්නේ.

එමී සම්මාන උළෙල සැප්තැම්බර් 18 වැනිදා ෆොක්ස් නාලිකාව ඔස්සේ විකාශය කිරීමයි නියමිතව තිබුණේ.

වර්ජනය අවසන් වනතුරු සම්මාන උළෙලවල වැඩ කිරීමට ලේඛකයන්ට ද අවසර හිමිවී නැහැ.

දළ වශයෙන් නළු නිළියන් 65,000ක් සහ තිර රචකයින් 11,500ක් වැඩ වර්ජනයක යෙදී සිටින අතර, වඩා හොඳ වැටුප්, අවශේෂ ගෙවීම් සහිත ව්‍යුහය සහ කෘතිම බුද්ධිය භාවිතයෙන් ආරක්ෂාව ඉල්ලා සිටීමයි ඔවුන්ගේ වර්ජනයේ අරමුණ වී ඇත්තේ.

වසර 20කට වැඩි කාලයකට පසු එමී සම්මාන උළෙල කල් දැමූ පළමු අවස්ථාව මෙයයි.

මීට පෙර අවසන් වරට එම සම්මාන උළෙල කල් දමනු ලැබුවේ 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා පෙන්ටගනයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන්.

සම්මාන සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමට සැලසුම් කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් මෙතක් සිදු කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34