සුනිල් නරේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

සුනිල් නරේන් මේ බව සඳහන් කර ඇත්තේ සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්.

“මම අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රීඩාකර වසර හතරකට වැඩි කාලයක් ගත වී ඇති බව මම අගය කරමි, නමුත් අද මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශ කරමි, ප්‍රසිද්ධියේ මම වචන ස්වල්පයක් ඇති මිනිසෙක් නමුත් පුද්ගලිකව මගේ වෘත්තීය ජීවිතය පුරාවට මට නොසැලෙන සහයෝගයක් ලබාදුන් සහ බටහිර ඉන්දීය කොදෙව්වන් නියෝජනය කිරීමේ මගේ සිහිනය සැබෑකර ගැනීමට උදව් කළ කිහිප දෙනෙකු සිටින අතර, ඔබට මම මගේ ගැඹුරු කෘතඥතාව පළ කරමි.” යනුවෙන් සුනිල් නරේන් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

ඔහු කොදෙව් දේශය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 122කට ක්‍රීඩා කර ඇති අතර, එයට ටෙස්ට් තරග 06ක්, එක්දින තරග 65ක් සහ විස්සයි විස්ස තරග 51ක් ඇතුළත්.

මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන සුනිල් ටෙස්ට් කඩුලු 21ක්, එක්දින කඩුලු 92ක් සහ විස්සයි විස්ස පිටියේ කඩුලු 52ක් ඔහු විසින් බිඳ දමා තිබෙනවා.

2019 වසරේ අගෝස්තු මාසයෙන් පසු නරේන්ට කොදෙව් කණ්ඩායමේ දොරටු විවර නොවූ නමුත්, ලොවපුරා ඇති ෆ්රැන්චයිස් ලීග්වලට විශාල ඉල්ලුමක් ඔහුට පැවතියා.

ඒ, සමඟ ඔහු 2012 වසරේ සිට කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයේ නිත්‍ය ක්‍රීඩකයෙකුව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58