සුනිල් නරේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

සුනිල් නරේන් මේ බව සඳහන් කර ඇත්තේ සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්.

“මම අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රීඩාකර වසර හතරකට වැඩි කාලයක් ගත වී ඇති බව මම අගය කරමි, නමුත් අද මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශ කරමි, ප්‍රසිද්ධියේ මම වචන ස්වල්පයක් ඇති මිනිසෙක් නමුත් පුද්ගලිකව මගේ වෘත්තීය ජීවිතය පුරාවට මට නොසැලෙන සහයෝගයක් ලබාදුන් සහ බටහිර ඉන්දීය කොදෙව්වන් නියෝජනය කිරීමේ මගේ සිහිනය සැබෑකර ගැනීමට උදව් කළ කිහිප දෙනෙකු සිටින අතර, ඔබට මම මගේ ගැඹුරු කෘතඥතාව පළ කරමි.” යනුවෙන් සුනිල් නරේන් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

ඔහු කොදෙව් දේශය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 122කට ක්‍රීඩා කර ඇති අතර, එයට ටෙස්ට් තරග 06ක්, එක්දින තරග 65ක් සහ විස්සයි විස්ස තරග 51ක් ඇතුළත්.

මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන සුනිල් ටෙස්ට් කඩුලු 21ක්, එක්දින කඩුලු 92ක් සහ විස්සයි විස්ස පිටියේ කඩුලු 52ක් ඔහු විසින් බිඳ දමා තිබෙනවා.

2019 වසරේ අගෝස්තු මාසයෙන් පසු නරේන්ට කොදෙව් කණ්ඩායමේ දොරටු විවර නොවූ නමුත්, ලොවපුරා ඇති ෆ්රැන්චයිස් ලීග්වලට විශාල ඉල්ලුමක් ඔහුට පැවතියා.

ඒ, සමඟ ඔහු 2012 වසරේ සිට කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයේ නිත්‍ය ක්‍රීඩකයෙකුව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
8
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?