Empty Ad
AFC Banner
Empty Ad

සුන්බුන් ගොඩක් වී ඇති ගාසා තීරයේ පෝලියෝ වෛරසය පැතිරේ

බෝම්බ හෙලන ලද ගාසා තීරයේ අපද්‍රව්‍යවල පෝලියෝ වෛරසය හඳුනා ගැනීමත් සමඟ ගාසා වැසියන් නව සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බව ගාසා හි සෞඛ්‍ය පසුගිය දා අනාවරණය කළා.

ගාසා හි සෞඛ්‍ය අංශ සඳහන් කළේ යුනිසෙෆ් සමඟ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද අපද්‍රව්‍ය සාම්පල පිළිබඳ පරීක්ෂණවලින් පෝලියෝ වෛරසය පවතින බව තහවුරු වූ බවයි.

යටිතල පහසුකම් විනාශ වීම හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් සහ නේවාසික කලාප හරහා ගලා යන අපද්‍රව්‍යවල වෛරසය පැවතීම නව සෞඛ්‍ය අර්බුදයක් නියෝජනය කරන බව එම සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

අපද්‍රව්‍යවල වෛරසය හඳුනාගැනීම හේතුවෙන් ගාසා පදිංචිකරුවන් දහස් ගණනකට පෝලියෝ වැළඳීමේ අවදානමක් පවතින බවටයි අනතුරු අඟවා ඇත්තේ.

පෝලියෝ යනු ස්නායු පද්ධතියට පහර දෙන ඉතා ඉක්මනින් බෝවන වෛරස් රෝගයක් වන අතර, පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණ අංශභාගය ඇති කළ හැකි වෛරසයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් ප්‍රහාර උත්සන්න කිරීම මරණ හා තුවාල අඛණ්ඩව ඉහළ යාම, නවාතැන්වල දැඩි තදබදය, සෞඛ්‍ය, ජලය සහ මළාපවහන පද්ධති අකර්මන්‍යවීම හේතු වී ඇති අතර, එමඟින් බෝවන රෝග පැතිරීම වේගවත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම පෙන්නන්නම් මම කවුද කියලා - අසේල නරක වචනවලින් ආණ්ඩුවට අමතයි
Video thumbnail
විනාඩි 28යි - සිංදුවෙන් ආණ්ඩුව හාන්සි කරවපු රෝහිත
Video thumbnail
සජබය - මාලිමාව සැපට ඇවිලෙයි කැතයි නේද - අනේ වාඩි වෙන්න ඔයා
07:40
Video thumbnail
රට පුරා උද්ඝෝෂණ නවත්තන්න ඕනිනම් මේක කරන්න
02:58
Video thumbnail
විමල්ට ලෙඩක් වැටෙයි - හදිසියේ මාධ්‍ය හමුවක් කැඳවයි
23:10
Video thumbnail
ඇසිල්ලෙන් මිසිං වෙන රිලව් - අල්ලන්න හදන බුද්ධිමත් ආණ්ඩුව
04:37
Video thumbnail
නාමල් බූරු කුට්ටමේ ජෝකර් වගේ ඇට පිටින් ගංජා ගහපු එකා වගේ කියවනවා
10:23
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:25
Video thumbnail
ඔයානේ හොරු අල්ලන්න ආපු ඇමති - සජබේ චමින්ද ඇමති වසන්ත උදේම ඇවිලෙයි
06:47
Video thumbnail
හෙට වර්ජනයට අපි නම් එන්නේ නෑ
09:57

?