ඩේසි ආච්චී ව CID අත්අඩංගුවට – අධිකරණයටත් ඉදිරිපත් කෙරේ

ඩේසි ෆොරස්ට් නමැත්තිය ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (05) දහවල් ඇය ව අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වනවා.

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කළා.

ඒ විමර්ශන අනුව මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව පෙබරවාරි මස 11 වැනිදා යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සැකකරුවන් වශයෙන් නම් කර මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව අදාළ කාන්තාවට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර මේ සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කරන බවත් පොලිසිය පැවසුවා.

අද පෙරවරුවේ සැකකාරිණිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියා.

එම අවස්ථාවේදියි ඇයව අත්අඩංගුවට ගැනුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
10
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23