හිමිකරුවෙකු නොමැති මොටෝරියක් කැලෑවකින් හමුවෙයි

හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් කැලෑ රොදක තිබී සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ කපුගම මධ්‍යම – කුරුඳුවත්ත පාරේ වෙන්දේසි ඉඩමක පිහිටි කැලෑ රොදක තිබියදී මෙම මෝටර් රථය අද (05) දිනයේ දී සොයා ගැනුණේ ගන්දර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත බවයි.

මෝටර් රථයේ අංක තහඩුව වෙනස්කර මුළු රථයම අලුතින් තීන්ත ආලේප කර සකස් කර ඇති බවත්, මෝටර් රථය තුළ සිටින පුද්ගලයන් හඳුනාගත නොහැකි වන සේ රථයේ ඉදිරිපස හා පසුපස මෙන් ම දෙපස වීදුරුවල ද තීන්ත ආලේප කොට තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් මෝටර් රථයේ පිටුපස කොටසේ කෑන් දෙකක පෙට්‍රල් ලීටර් හයක් ද හමු වී තිබෙනවා.

රථය තුළ තිබී අංක තහඩු වෙනස් කිරීමට භාවිත කළ සුදු හා කළු පැහැති ස්ටිකර් හා ස්ටිකර්වලින් සැකසූ තවත් අංක කිහිපයක් ද සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයේ එන්ජින් අංකය මකා දමා චැසි අංකය ද මිටියකින් තලා වෙනස් කර තිබූ අතර මෝටර් රථයේ ඉදිරිපස කොටස තුළ මෝටර් රථය නිෂ්පාදනය කළ ආයතනය විසින් අලවන ලද මෝටර් රථයේ තොරතුරු සටහන් ස්ටිකරය ද ඉරා දමා තිබූ බවට අනාවරණය වනවා.

හිමිකරුවෙකු නොමැති මෙම මෝටර් රථය මෙලෙස සකස්කර සඟවා තැබුවේ කිසියම් අපරාධයක් සිදු කොට අංක තහඩු නැවත වෙනස් කොට පලා යාමේ අරමුණින් ද යන්න සැකයක් පවතින පවතින බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් නිල සුනඛ අංශය මෙන් ම මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පර්යේෂණාගාරයේ නිලධාරීන් ද මෝටර් රථය පරීක්ෂා කර වැඩිදුර පරීක්ෂාවන් සඳහා කොටස් රැගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03