දයාසිරි ප්‍රසිද්ධියේ සොරි කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ආබාධිත ප්‍රජාව ඉලක්ක කර කරන ලද ප්‍රකාශයට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබෙනවා.

සිය මුහුණුපොතේ දීර්ඝ සටහනකින් තබමින් මන්ත්‍රීවරයා සමාව ඉල්ලා ඇති අයුරුයි දක්නට ලැබෙන්නේ.

පසුගියදා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන මන්ත්‍රී සුදත් වසන්ත ද සිල්වා මහතාට අපහාසයක් සිදු වන අන්දමේ ප්‍රකාශයක් සිදු කළා.

ඔහු ආබාධිතයෙකු බවත්, දේශපාලනයට නුසුදුසු බවත් ඇතැම් භාවිත කළ වචනවල දයාසිරි ජයසේකර මහතාගේ අන්තර්ගත ව තිබූ බැවින් ඔහුට සමාජයෙන් දැඩි අප්‍රසාදයක් එල්ල වුණා.

එවන් පසුබිමකදියි දයාසිරි ජයසේකර මහතා මෙලෙස සමාව ඉල්ලා ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සමාව ඉල්ලා තැබූ සම්පූර්ණ ෆේස්බුක් සටහන පහතින්;

සිත් තැළුණු සියල්ලනි, මට සමාවන්න.

  • මාගේ ප්‍රකාශයෙන් සිත් තැළූණු සියලුම දෙනාගෙන් කොන්දේසි විරහිතව මා සමාව ඉල්ලා සිටිමි.
  • එක් රැයකින් රටවල් හැදුනේ නැත. අපේ රටේ මිලියන 22ක ජනතාව මේ දක්වා අත්විඳි සියලුම කඩාවැටීම්වලට වගකිව යුතු දේශපාලකයින්ම
    සියලු ශ්‍රී ලාංකිකයෝ භුක්ති විඳිමින් සිටින බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවාවන් සහ වරප්‍රසාදවලටද වගකියන්නෝ වෙති.

    සැපයක් යැයි 76 වසරකට වෛර කරන්නෝ ඒ සියල්ලටම වෛර කරන්නෝ වෙති.
    නිදහස් සෞඛ්‍ය, ආබාධ තිබුණත් ඉහළටම යන්න බාධාවක් නොවන නිදහස් අධ්‍යාපනය, ඉඳහිට බාධා ඇතිවුණත් මේ මට්ටමින් හෝ පවතින විදුලිය, ජලය, ප්‍රවාහනය සහ යටිතල පහසුකම් සහ තවත් සර්ව සම්පූර්ණ නොවුන බොහෝ පහසුකම් සහ ජයග්‍රහණ අවතක්සේරු කිරීමේ බොරුව විශ්වාස කළ හැක්කේ කෙසේද ?
    76 වසරක් තිස්සේ බිඳෙන් බිඳ පියවරෙන් පියවර පුරවැසියන්ගේ කැපකිරීම් මතින්ම ගොඩ නගාගත් සම්පත් සහ සේවාවන් භුක්තිවිඳිමින් ඒ දේවල්වලටම වෛර කිරීම පුරවැසියන්ගේ සංස්කෘතිය විය යුතුද ?

    ඔබේ දරුවන් ලොකුමහත් විය යුත්තේ අද පාරට බැස්සම සමාජයේ ඇති වෛරී පරිසරයේද ?
    ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරය ශිෂ්ට විය යුතු නැති බව වැඩිහිටි ලාංකිකයින් දරු මුණුපුරු ලාංකිකයින්ට දෙන ගුණයහපත්කමද ?

    නැත.
    දේශපාලකයින්ගේ වැරදි නීතිය හමුවට ගෙන ආ යුතුය.
    නීතියෙන් වැරදි නම් දඬුවම්ද ලැබිය යුතුය.
    ඒත් ඔවුන්ට මට්ටු කිරීමට රටක සමාජ ආකල්පය පාවිච්චි නොකළ යුතුය.
    බාල මහලු දුප්පත් පෝසත් උගත් නූගත් ආබාධිත ආබාධ නැති සියල්ලන්වම, දේශපාලන ජයග්‍රහණ සහ බලය අත්පත්කර ගැනීම වෙනුවෙන් නිර්මාණය කළ සමාජ වෛර ප්‍රචාරණ ව්‍යාපෘතියේ කොටස්කරුවන් කරගැනීම තිබුණු තැනටත් වඩා පහත් තැනකට සමාජය ඇද දැමීමකි.

    මා ඒ කතාවෙන් පැහැදිලි කිරීමට උත්සහ කළේ ඒ කාරණාවයි.
    එහෙත් ඒ වැදගත්ම දේ යටපත් කරමින් මතු වූ සිත්රිදවීම ගැන මා කණගාටු වෙමි.
    ආබාධත ප්‍රජාව වෙනුවෙන් මගේ සිතේ ඇති සහකම්පනය සහ මා ඔවුන් වෙනුවෙන් කළ කී දෑ ගැන මා මෙහි නොකියමි.

    ස්තූතියි.” යනුවෙන්.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06