spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2023 අග වන විට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සැළකිය යුතු සහනයක් ?

අවුරුදු 18ට වැඩි සෑම අයෙකුටම බදු ගොනුවක් විවෘත කළ යුතු බව පැවසුව ද බොහෝ අය බදු ගෙවීමේ තත්ත්වයෙන් පහළ සිටිනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර, විදේශ ගමන් බලපත් ගාස්තු සහ වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරන බව 2023 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවා.

එමෙන්ම සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා කලින් විශ්‍රාම ගැන්වීමට අවසර ලබාදෙන බව මෙවර අයවැයේ දී යෝජනා වුණා.

අවුරුදු 18 ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

වාහන වියදම් ඉහළ යාම උද්ධමන තත්ත්වය නිසා රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් නිසා අසීරුතාවයකට පත්ව ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් තවත් වසරකින් රජයේ ආදායම වැඩි වනු ඇතැයි අපේක්ෂා කර බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

2023 වසර අග වන විට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබාදිය හැකි ඒවි යැයි සිතන බව ජනාධිපතිවරයා පැවසුවා.

පෞද්ගලික අංශයටත් ඒ වන විට සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?