සුන්බුන් ගොඩක් වී ඇති ගාසා තීරයේ පෝලියෝ වෛරසය පැතිරේ

බෝම්බ හෙලන ලද ගාසා තීරයේ අපද්‍රව්‍යවල පෝලියෝ වෛරසය හඳුනා ගැනීමත් සමඟ ගාසා වැසියන් නව සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බව ගාසා හි සෞඛ්‍ය පසුගිය දා අනාවරණය කළා.

ගාසා හි සෞඛ්‍ය අංශ සඳහන් කළේ යුනිසෙෆ් සමඟ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද අපද්‍රව්‍ය සාම්පල පිළිබඳ පරීක්ෂණවලින් පෝලියෝ වෛරසය පවතින බව තහවුරු වූ බවයි.

යටිතල පහසුකම් විනාශ වීම හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් සහ නේවාසික කලාප හරහා ගලා යන අපද්‍රව්‍යවල වෛරසය පැවතීම නව සෞඛ්‍ය අර්බුදයක් නියෝජනය කරන බව එම සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

අපද්‍රව්‍යවල වෛරසය හඳුනාගැනීම හේතුවෙන් ගාසා පදිංචිකරුවන් දහස් ගණනකට පෝලියෝ වැළඳීමේ අවදානමක් පවතින බවටයි අනතුරු අඟවා ඇත්තේ.

පෝලියෝ යනු ස්නායු පද්ධතියට පහර දෙන ඉතා ඉක්මනින් බෝවන වෛරස් රෝගයක් වන අතර, පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණ අංශභාගය ඇති කළ හැකි වෛරසයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් ප්‍රහාර උත්සන්න කිරීම මරණ හා තුවාල අඛණ්ඩව ඉහළ යාම, නවාතැන්වල දැඩි තදබදය, සෞඛ්‍ය, ජලය සහ මළාපවහන පද්ධති අකර්මන්‍යවීම හේතු වී ඇති අතර, එමඟින් බෝවන රෝග පැතිරීම වේගවත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15